
බැදුනු හිත් අමතක කෙරූ
පැතූ ලෝකය ඇයිද මංදා
නුඹට මෙතරම් වින කෙරූ
දසන් නැති මුව පුරා හිනැහෙන
අහිංසක අම්මාවරූ......
ගතේ දුවනා රුහිරු කිරි කළ
හතක් කර පුතුනට පොවා
හිතේ නෑ වෛරයක් කිසි කල
අදත් සිහිකර සැනසෙනා
දැනෙන දුක දෝතට අරන්
සමිදු පා යුග දොවන්නා......
කල්පයක් සෙනෙහස් දියේ
දොවා දරු පැටවුන් හැදූ
වාරුවක් නැති කල පයේ
ගෙවා යනු බැහැ දුක් කදූ
පිළුණු බත් මුවගට අරන්
පුතුගෙ කුසගිනි සිතන්නා......
සැදෑ දිවි ගෙවෙනා මවුන්නේ
බණ පොතින් දරුවන් දුටූ
නුඹට මතු බුදු බව පතන්නේ
නෙත නොදුටු හීනය පටූ
නිවන් මග යන්නට කලින්
පුතුන් එන මග බලන්නා......
No comments:
Post a Comment