අනවසරයෙන් උපුටා ගැනීම තහනම් Please Contact- nayanadarshani71@gmail.com

Saturday, October 19, 2013

සිහින හසරැලි...

රතු රැලි ගවුම වටා
මල් පෙති රගන රටා
අතීතය හැඩ වුනා
ජීවිතය පිබිදුනා
සිහින ඇහැරී..සිඹින කොමලී
නුඹේ රූ සිරි හද වටා එතුනා
ආදරෙයි සිතුනා....

මතක නිදිගත් වෙලාවේ
මල් කිනිති විකසිත වුනාවේ
ලොවට රහසේ..මලට සුවසේ
තුරුළු වී උන්නා
සිහින ඇහැරී..සිඹින කොමලී
නුඹේ රූ සිරි හද වටා එතුනා
ආදරෙයි සිතුනා....

පැතූ අප පෙම් කතාවේ
මිහිර සිතුවම් කළාවේ
අහසෙ සද සේ..මුහුදෙ රළ සේ
වෙන් නොවී උන්නා
සිහින ඇහැරී..සිඹින කොමලී
නුඹේ රූ සිරි හද වටා එතුනා
ආදරෙයි සිතුනා....     

ඔබයි මමයි...

පි. සුනෙර මම වේ නම්
       නිළඹරය නුඹ සෙමෙන් සිප ගන්නා
ගැ.දිනකරය නුඹ දියතුරයි මා
      එළිය ලැබ ගන්නා
පි.නුඹ තුනු පුළුලුකල ළකල රූසිරී
     සිත මා සලිත වේය
     ‍ලෙළෙන සේ මිණී....

පි.රන්දියවර වේ නුඹ මට
     ගිරිහෙල් මත හෙමිහිට ඇදෙනා
ගැ.මගේ දියත සේසත නුඹ
      සිදු සේ සෙනෙහස ලැබදෙන්නා
පි.නුඹ තුනු පුළුලුකල ළකල රූසිරී                              
     සිත මා සලිත වේය
     ‍ලෙළෙන සේ මිණී....

පි.ගිමන් නිවූ උරුමය මට දුන්
     නුඹගේ මුදු ළමැදේ ලදුනේ
ගැ.මුදු බද මා නොතිත‍් පෙමින්
      ඔබටයි හිමි හිමියනි සසරේ
පි.නුඹ තුනු පුළුලුකල ළකල රූසිරී                              
     සිත මා සලිත වේය
     ‍ලෙළෙන සේ මිණී....   

මිරිගුව...

සිදුනු මල් පෙති සෙමින් අමුනා
වැටුනු මල අහුලා
අනුන් සතු පූජාසනය මත
එමල තැබුවේ ඔබ නම්
කිමද මේ සරදම්.....

යනෙන මන් නොදැනී මුලාවී
තටු තිබුන මුත් පියාඹනු නොහැකී
පියාඹන්නට මග කියාදී
ඇයිද ඔබ අත්තටුව සිද දැමුවේ....

යනෙන පාරක් නොදැන තනිවී
මග පෙනෙන මුත් දෙපය ඇත පැටලී
පය නගා දිව යන්න කියමින්
ඇයිද ඔබ මා දෙනෙත් අද කෙරුවේ....

කාලගෝල...

දික්තල..දික්තල..දික්තල
දික්තලා නංගියේ
උඹ හින්දා මම දුක් වින්දා
නුඹට ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
උඹට ඒ වගේ වගක් නැතුවා.....

බැලමෙහෙවර කෙරුවා මං
නුඹ දෙපතුල ලග ඒ කාලේ
මගෙ හිත තිබුනට
පිට පෙනුමට අකැපයි
මටත් ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
කාලගෝල මං ඒ වගේ වගක් නැතුවා....

දික්පිටියා දුටු වේලේ නුඹ
බැන්දාද මොහොතකින් ආලේ
පිට ඔපේට රූපෙට
හිත වහ වැටුනයි
ඌටත් ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
දික්පිටියාටත් ඒ වගේ වගක් නැතුවා....

බලාපොරොත්තු...

නමට පරපුරක් තනවා
දෙනට කරතියා ගන්නට
පුත් රුවනක් නැති
අප්පච්චී....
මිට මෙලවූ දෑතක් වාගේ
දූවරු හැදුවා අප්පච්චී....

කාලය ගෙවිලා අසුරු සැනින්
නුඹ හැරමිටියට වාරු කලා
එකා බැගින් නිවසින් පිටවූදා
නුඹේ සුසුම් හද සසල කලා....

කූඩු තනා ලෝකය දිනමින්
දූවරු හිනැහෙන විට සතොසේ
බලාපොරොත්තුව මුනුපුරන්ට දී
බලා ඉන්නවද අප්පච්චී....

වෙනස් වීම...

දහමක් වෙතොත් ලෝකේ
නොවෙනස්ව පවතිනා
ඒ වෙනස් වීම පමනයි
වෙනස් වීම පමනයි.....

උසුලාය බරින් ණය
ඉවසාය දුකින් සය
අසරණාවියේ... අසරණාවියේ...

අසමාන පවුරු බිද
පියඹාය සයුරු තෙර
කෝඩුකාරියේ... කෝඩුකාරියේ...

දැක නෑර අතින් ගෙන
යස ඉසුරු අරන් එන
සුරගනාවියේ... සුරගනාවියේ...

මව් සෙනේ එතෙර වෙද
දරු දමා කතර මැද
අංගනාවියේ... අංගනාවියේ...

වියෝව...

අතීතයේ දුක කරපින්නා
අනාගතේ දුක් වින්ද තරම්
නුඹට දැනුන්නැති
නුඹ හදුනන්නැති
අවිහිංසක සිත හැඩුව තරම්.....

මල් ගසක් වෙලා
මල් කැකුළු මියෙන හැටි
බලා ඉන්නවා නම්
හදවතක් තලා
වෙන සිතක් සොයන්නට
නුඹට හැකි වුනාදෙන්.....

රෑ අහස පුරා
තරු කඩා හැලෙන විට
වැහි කදුළු නොවැටුනානම්
පෙම් සිතක් පුරා
ගිනි පුළිගු හෙලන්නට
නුඹට හැකි වුනාදෙන්.....

හෙට මතක් වෙලා
අමතක වූ මගෙ සිත
දුක බිදුවක් දැනේවිනම්
නුඹෙ නමට සදා
හදවතක් හඩන බව
මතු දාක තේරුනාදෙන්.....

Wednesday, October 16, 2013

දීපාවලී සද...

තල් කොලේට මුවා වෙලා
දූවිලි අරනෙන් නැග එන
දීපාවලි සද නුඹ මට
ආයෙ දකින්න
ගැට පිච්ච මල් සුවද
දකුණට කැන්දන් යන්න.....

මල් පෙති වගේ කන් පෙතී
දිලිසෙන තෝඩු දැක නැතී
නලලත තිලකයට සිතී
සුළගේ ගිහින් සැගවෙතී
මුව පොව්වෙක්ද සැක සිතී
ඔය ඇස් දෙකට රැවටෙතී.....

වෙඩි හඩ මැද උන්න
මතකය අමතක වෙන්න
පා සළඹට රග දෙන්න
රැළි සායට ඉඩ දෙන්න
කදවුර තුළ හිනැහෙන්න
පිච්ච මල මගෙ වෙන්න.....

දරු සෙනෙහස...

පරම්පරාවෙන් හිමි වන්නට හෙට
වස්තුව කොහිද පුතේ
තිස්සෙම රකිනා වස්තුව නුඹ මට
බලාපොරොත්තුව වේ.....

යෞවනයේ දායාදය නුඹ වූවා
ජීවිතයට අරුතක් ඇති වූවා
පේ‍මය මියැදුනු රළු පොලොවේ
නුග රුකක් වෙන්න පැතුවා.....

පිය සෙනෙහස දුන්නෙ නැතී
පියවරු දරුවන් නොදනී
ජීවන බර කර මත අදිනා
නුඹෙ මව් බුදු වන්නෙ නැතී.....

දරු සෙනෙහස වහින තුරා
සෙනෙහේ ගග ගලන තුරා
පුත නුඹ මට සිටින තුරා
බුදු පදවි මොටද මතුදා.....

පැතුම..


ල‍ග නැතත් සිත සැනසුනාවේ
මතකයට ඇවිදින්
සදාකාලික පෙම්වතා නුඹ
හදවතේ මිහිදන්
කල්පයක් ගෙවෙනා තුරූ
සුදු සදයි මම ඔබ වෙයි හිරූ.....

දරා ගන්නට හදවතින්
බැරි තරම් දුන් සෙනෙහසින්
ජීවිතය ජිවත් වුනාවේ
සසර යන තුරු වන්දනාවේ.....

ගතින් හදුනන්නේ නැතී
සිතින් වෙන්වන්නේ නැතී
පෙර භවයෙ දුටු ඒ සිනාවන්
හමුවුනා බැදි පෙම් දයාවන්.....

ආදරය මිහිරියි ගෙනා
පිරී සිත පෙම් මල් සිනා
මියෙන තුරු මිලිනව නොයන්නයි
පැතුම අප සිත් වෙන් නොවන්නයි.....

Sunday, October 13, 2013

අප්පච්චී..

අප්පච්චියෙ නුඹ නිවනට ගියදා

දෙනෙතින් කදුළු ගගක් ගැලුවේ
ඉන්නා කාලේ නුඹට නොදුන් සැප
සිහිවී හිත රිදවයි බෝසේ.....

දුන්නත් මග හදලා ඔබ නිහඩයි
ලොව ජය ගන්නට පා ඔසවා
දැනුනේ අම්මාගේ කිරි සුවදයි
නුඹේ දහඩියට පිටුපෑවා.....

බණ පොත් අතරේ තනිකම ගෙවුනට
අප එනතුරු ලත වෙන්න ඇතී
ජය සිරි මා හාමුදුරුවො අබියස
තවමත් නුඹ ඉන්නවා ඇතී.....

උන් දා අමතක කර පසුතැවුනට
සමාවෙන්න අපෙ අප්පච්චී
රන් මැලි මළුවේ ඉද හිනැහීගෙන
පුතේ කියනවද අප්පච්චී......

ලක් දෙරණ..

විසිත මනරම් නිළඹරේ
ලසිත හිරු ආඩම්බරේ
දිසිත පෑ හෙළ මිණි පුරේ
ලලිත ධජ සිංහයො හැරේ......

මුර දේවතාවුන් නොනිදනා දෙරණේ
උද්දාමයෙන් රැකි සේසතයි අපගේ
අවමන් එපා
ගැරහුම් එපා
ඉදුරාම සී රද
උරණ වී උන් නසාවී......

හදවතයි ලක් මව සමයි මේ ජීවිතේ
රකිමු එක්වී එකට රොක්වී බිගුන් සේ
ලක් මෑණියෝ
ලක් මෑණියෝ
දියතේ උතුම් හඩ
අභිමානයෙන් ගී ගයාවී......

ළමා ගී..

එක වරක් නොවේ දෙවරක් නොව
දහස් වරක් පොත බලමින්
කට පාඩම් කරන චක්කරේ....
ඉස්කෝලේ ගෙදර දොරේ
කොහෙ හිටියත් සැරින් සැරේ
කට පාඩම් කරන චක්කරේ....

පහයි පහයි දහයක් වෙයි නම්
දෙවරක් පහ කියක් වේදෝ
අත් දෙකේ ඇගිළි ටිකයි උත්තරේ
කට පාඩම් කරන චක්කරේ....

හයයි හයයි දොළහක් ‍වෙයි නම්
තුන් වරක් හතර කියක් වේදෝ
ඔරලෝසුවෙ ඉලක්කමෙන් තියෙන උත්තරේ
කට පාඩම් කරන චක්කරේ....

දහ අටට හයක් එකතු වුනානම්
හය වරක් හතර කියක් වේදෝ
දවසේ පැය විසි හතර උත්තරේ
කට පාඩම් කරන චක්කරේ....

අම්මාවරූ..

වැදූ දරුවන් කොහිද දන්නෑ
බැදුනු හිත් අමතක කෙරූ
පැතූ ලෝකය ඇයිද මංදා
නුඹට මෙතරම් වින කෙරූ
දසන් නැති මුව පුරා හිනැහෙන
අහිංසක අම්මාවරූ......

ගතේ දුවනා රුහිරු කිරි කළ
හතක් කර පුතුනට පොවා
හිතේ නෑ වෛරයක් කිසි කල
අදත් සිහිකර සැනසෙනා
දැනෙන දුක දෝතට අරන්
සමිදු පා යුග දොවන්නා......

කල්පයක් සෙනෙහස් දියේ
දොවා දරු පැටවුන් හැදූ
වාරුවක් නැති කල පයේ
ගෙවා යනු බැහැ දුක් කදූ
පිළුණු බත් මුවගට අරන්
පුතුගෙ කුසගිනි සිතන්නා......
   
සැදෑ දිවි ගෙවෙනා මවුන්නේ
බණ පොතින් දරුවන් දුටූ
නුඹට මතු බුදු බව පතන්නේ
නෙත නොදුටු හීනය පටූ
නිවන් මග යන්නට කලින්
පුතුන් එන මග බලන්නා......

Saturday, October 12, 2013

කුළුදුල් පෙම..


අසපුවකි මනරම්
රැදෙන්නට හැකිනම්
අතීතය නුඹ නම්
කුළුදුල් පෙමයි ඒ හද උපන්....

නාමලක් සේ මා ලගින් හිද
සෙනෙහසින් ඇරුනූ
නුඹ ළයේ හිස ගසා සැනැසුනු


අතීතය සොදුරූ
අමතක කලා නුඹ නොවෙද මා සිත
පේමයෙන් පිරුනු....

අසපුවකි මනරම්....

තාලයක් වී ගීතයක රස
දෙනෙත් මත මැවුනූ
නිදි නොලද රෑ අවදි වූ
සිහිනයයි අදුරූ
මිය ගියා සෙනෙහස
නොවෙද මා නෙත
මිරිගුවකි රැවටූ....

අසපුවකි මනරම්....

සිතක අසිරිය..

හද්ද පිටිසරයි ගම්මානේ
බැද්ද බැදි අකුල් නෑනේ
ඉද්ද මල් ගොන්නයි
කැන්ද ගස් ලන්දයි
කන්ද පාමුලට මසිත කැන්දයි..

රෙද්ද ඇන්දාට
සිහිනිග වටකර හිරට
ගෝමර කැකුළු නාඩන්
පද්ද පද්දා යන ගමන් තාලෙට
මගෙ හිත මේ ගැස්සෙන තරමක්...

ඉද්ද මල් ගොන්නයි...

සද්ද නැතුවාට
හැංගී ම‍ල් හැට්ටය යට
නාඹර හංස පැටවුන්
නැද්ද මංදා ඉද්ද මල් සුවදට
හිත ගිය මී මැස්සට වරමක්...

ඉද්ද මල් ගොන්නයි...


විහග නද ඔබ නම් පිවිසෙන්න..... ගී පද වැල් මත සැරිසරා මොහොතක්..... ලොවම දකින්නට පියඹා යන්න ‍‍ගයන්නට හැකිනම්.....