රතු රැලි ගවුම වටා
මල් පෙති රගන රටා
අතීතය හැඩ වුනා
ජීවිතය පිබිදුනා
සිහින ඇහැරී..සිඹින කොමලී
නුඹේ රූ සිරි හද වටා එතුනා
ආදරෙයි සිතුනා....
මතක නිදිගත් වෙලාවේ
මල් කිනිති විකසිත වුනාවේ
ලොවට රහසේ..මලට සුවසේ
තුරුළු වී උන්නා
සිහින ඇහැරී..සිඹින කොමලී
නුඹේ රූ සිරි හද වටා එතුනා
ආදරෙයි සිතුනා....
පැතූ අප පෙම් කතාවේ
මිහිර සිතුවම් කළාවේ
අහසෙ සද සේ..මුහුදෙ රළ සේ
වෙන් නොවී උන්නා
සිහින ඇහැරී..සිඹින කොමලී
නුඹේ රූ සිරි හද වටා එතුනා
ආදරෙයි සිතුනා....
ගයන්නට හැකිනම්...
විහග නද ඔබ නම් පිවිසෙන්න..... ගී පද වැල් මත සැරිසරා මොහොතක්..... ලොවම දකින්නට පියඹා යන්න ගයන්නට හැකිනම්.....
අනවසරයෙන් උපුටා ගැනීම තහනම්
Please Contact- nayanadarshani71@gmail.com
Saturday, October 19, 2013
ඔබයි මමයි...

නිළඹරය නුඹ සෙමෙන් සිප ගන්නා
ගැ.දිනකරය නුඹ දියතුරයි මා
එළිය ලැබ ගන්නා
පි.නුඹ තුනු පුළුලුකල ළකල රූසිරී
සිත මා සලිත වේය
ලෙළෙන සේ මිණී....
පි.රන්දියවර වේ නුඹ මට
ගිරිහෙල් මත හෙමිහිට ඇදෙනා
ගැ.මගේ දියත සේසත නුඹ
සිදු සේ සෙනෙහස ලැබදෙන්නා
පි.නුඹ තුනු පුළුලුකල ළකල රූසිරී
සිත මා සලිත වේය
ලෙළෙන සේ මිණී....
පි.ගිමන් නිවූ උරුමය මට දුන්
නුඹගේ මුදු ළමැදේ ලදුනේ
ගැ.මුදු බද මා නොතිත‍් පෙමින්
ඔබටයි හිමි හිමියනි සසරේ
පි.නුඹ තුනු පුළුලුකල ළකල රූසිරී
සිත මා සලිත වේය
ලෙළෙන සේ මිණී....
මිරිගුව...

වැටුනු මල අහුලා
අනුන් සතු පූජාසනය මත
එමල තැබුවේ ඔබ නම්
කිමද මේ සරදම්.....
යනෙන මන් නොදැනී මුලාවී
තටු තිබුන මුත් පියාඹනු නොහැකී
පියාඹන්නට මග කියාදී
ඇයිද ඔබ අත්තටුව සිද දැමුවේ....
යනෙන පාරක් නොදැන තනිවී
මග පෙනෙන මුත් දෙපය ඇත පැටලී
පය නගා දිව යන්න කියමින්
ඇයිද ඔබ මා දෙනෙත් අද කෙරුවේ....
කාලගෝල...
දික්තල..දික්තල..දික්තල
දික්තලා නංගියේ
උඹ හින්දා මම දුක් වින්දා
නුඹට ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
උඹට ඒ වගේ වගක් නැතුවා.....
බැලමෙහෙවර කෙරුවා මං
නුඹ දෙපතුල ලග ඒ කාලේ
මගෙ හිත තිබුනට
පිට පෙනුමට අකැපයි
මටත් ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
කාලගෝල මං ඒ වගේ වගක් නැතුවා....
දික්පිටියා දුටු වේලේ නුඹ
බැන්දාද මොහොතකින් ආලේ
පිට ඔපේට රූපෙට
හිත වහ වැටුනයි
ඌටත් ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
දික්පිටියාටත් ඒ වගේ වගක් නැතුවා....
දික්තලා නංගියේ
උඹ හින්දා මම දුක් වින්දා
නුඹට ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
උඹට ඒ වගේ වගක් නැතුවා.....
බැලමෙහෙවර කෙරුවා මං
නුඹ දෙපතුල ලග ඒ කාලේ
මගෙ හිත තිබුනට
පිට පෙනුමට අකැපයි
මටත් ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
කාලගෝල මං ඒ වගේ වගක් නැතුවා....
දික්පිටියා දුටු වේලේ නුඹ
බැන්දාද මොහොතකින් ආලේ
පිට ඔපේට රූපෙට
හිත වහ වැටුනයි
ඌටත් ඒ වගක් නොතේරුනේ
අනේ අනිච්චං
දික්පිටියාටත් ඒ වගේ වගක් නැතුවා....
බලාපොරොත්තු...
නමට පරපුරක් තනවා
දෙනට කරතියා ගන්නට
පුත් රුවනක් නැති
අප්පච්චී....
මිට මෙලවූ දෑතක් වාගේ
දූවරු හැදුවා අප්පච්චී....
කාලය ගෙවිලා අසුරු සැනින්
නුඹ හැරමිටියට වාරු කලා
එකා බැගින් නිවසින් පිටවූදා
නුඹේ සුසුම් හද සසල කලා....
කූඩු තනා ලෝකය දිනමින්
දූවරු හිනැහෙන විට සතොසේ
බලාපොරොත්තුව මුනුපුරන්ට දී
බලා ඉන්නවද අප්පච්චී....
දෙනට කරතියා ගන්නට
පුත් රුවනක් නැති
අප්පච්චී....
මිට මෙලවූ දෑතක් වාගේ
දූවරු හැදුවා අප්පච්චී....
කාලය ගෙවිලා අසුරු සැනින්
නුඹ හැරමිටියට වාරු කලා
එකා බැගින් නිවසින් පිටවූදා
නුඹේ සුසුම් හද සසල කලා....
කූඩු තනා ලෝකය දිනමින්
දූවරු හිනැහෙන විට සතොසේ
බලාපොරොත්තුව මුනුපුරන්ට දී
බලා ඉන්නවද අප්පච්චී....
වෙනස් වීම...

නොවෙනස්ව පවතිනා
ඒ වෙනස් වීම පමනයි
වෙනස් වීම පමනයි.....
උසුලාය බරින් ණය
ඉවසාය දුකින් සය
අසරණාවියේ... අසරණාවියේ...
අසමාන පවුරු බිද
පියඹාය සයුරු තෙර
කෝඩුකාරියේ... කෝඩුකාරියේ...
දැක නෑර අතින් ගෙන
යස ඉසුරු අරන් එන
සුරගනාවියේ... සුරගනාවියේ...
මව් සෙනේ එතෙර වෙද
දරු දමා කතර මැද
අංගනාවියේ... අංගනාවියේ...
වියෝව...

අනාගතේ දුක් වින්ද තරම්
නුඹට දැනුන්නැති
නුඹ හදුනන්නැති
අවිහිංසක සිත හැඩුව තරම්.....
මල් ගසක් වෙලා
මල් කැකුළු මියෙන හැටි
බලා ඉන්නවා නම්
හදවතක් තලා
වෙන සිතක් සොයන්නට
නුඹට හැකි වුනාදෙන්.....
රෑ අහස පුරා
තරු කඩා හැලෙන විට
වැහි කදුළු නොවැටුනානම්
පෙම් සිතක් පුරා
ගිනි පුළිගු හෙලන්නට
නුඹට හැකි වුනාදෙන්.....
හෙට මතක් වෙලා
අමතක වූ මගෙ සිත
දුක බිදුවක් දැනේවිනම්
නුඹෙ නමට සදා
හදවතක් හඩන බව
මතු දාක තේරුනාදෙන්.....
Subscribe to:
Comments (Atom)